දෙරට අතර ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා අගමැතිවරයා හා මාලදිවයින් ආරක්ෂක ඇමතිනිය අතර සාකච්ඡා

Share Button

ඉන්දියාව, මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ සිව්වැනි ජාතික ආරක්ෂක උපදේශක ත්‍රෛපාශ්වික හමුවට සහභාගිවීම සදහා මාලදිවයිනේ ආරක්ෂක ඇමති මරියා අහමඩ් ඩිඩි මහත්මිය ප්‍රමුඛ දුත පිරිසක් දැන් දිවයිනට පැමිණ සිටිති.ඔව්හු කොළඹ විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නිවසේදී ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවුහ. කලාපිය ආරක්ෂාව පිළිබඳව එහිදී අවධානය යොමු විය.මත්ද්‍රව්‍ය,පාතාල කල්ලි ඇතුඵ නීති විරෝධි ජාවාරම් මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,ත්‍රස්තවාදය, අන්තවාදය හා ආරක්ෂක සහයෝගිතාව යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීම අවධානය යොමුවු තවත් කරුණකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *