මෙරට විදුලිබල උත්පාදනය ඉහල නැංවීම සදහා ඉදිරියේදී වැඩසටහන් රැසක්

Share Button

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය 06 වන දිනටත් පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වේ.තරුණ හා ක්‍රිඩා කටයුතු, ජල සම්පාදන, විදුලිබල හා බලශක්ති යන අමාත්‍යංශවල වැය ශීර්ෂය අද සාකච්ඡා කෙරේ.මීට අමතරව ග්‍රාමීය හා පාසල් ක්‍රිඩා යටිතල පහසුකම් යන රාජ්‍ය අමාත්‍යංශය තුනේ වැය ශීර්ෂ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

ලංකා විදුලිබල මණ්ඩලය නිශ්චිත ජනිත ඉලක්කයක් යටතේ ක්‍රියාත්මක කරන බව විවාදයට එක්වු රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

කුඩා විදුලි බලාගාර 17 ක විදුලි උත්පාදන කටයුතු ඇනහිට ඇතැයි පැවසු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව් ජේ. සෙනෙවිරත්න මහතා ඒ පිළිබඳ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව අවධාරණය කළේය.

ඉන්ධන ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා ප්‍රශ්න කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *