ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඉල්මහ පෙරහර මංගල්‍යය අද

Share Button

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්සික ඉල් මහ පෙරහර මංගල්‍යය අද රාත්‍රියේ පැවැත්වේ. රුහුණු කතරගම මහා දේවාලයේ මේ වසරේ පැවැත්වෙන අවසන් පෙරහර මංගල්‍යය එයයි. පිරිත් සජ්ජායනය මධ්‍යයේ වාසනා හස්ති රාජායා මත දේවරූපය තැන්පත් කිරීමෙන් පසුව මහා දේවාලය අභියසින් පෙරහර ආරම්භ වෙයි. ගණ දේවාලය, පුරාණ කිරි විහාරය පසුකර අෂ්ඨඵල බෝධිය වටා ගමන් කිරීමෙන් අනතුරුව පෙරහර ප්‍රධාන වාහල්කඩින් මැදවිදීයට පිවිස වල්ලිඅම්මා දේවාලය වෙත ගමන් කරයි. එහිදී පෞරාණික චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව මැද විදීය ඔස්සේ පැමිණෙන පෙරහර මහා දේවාලයට ගෙවදි. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංවිධානයෙන් පැවැත්වෙන ප්‍රථම පෙරහර මෙයයි.

*******

ඉන්දියාවේ දඹදිව මධ්‍ය ප්‍රදේශයේ සාංචි චේතියගිරි විහාරස්ථානයේ අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය අද ආරම්භ විය. මෙවර එය පැවැත්වෙන්නේ 68 වන වතාවටයි. මධ්‍ය ප්‍රදේස් ප්‍රාන්ත රජයේ මහජන සෞඛ්‍ය හා පවුල් සෞඛ්‍ය කටයුතු පිළිබඳ ඇමති වෛද්‍ය ප්‍රභුරාම් චවුද්‍රි මහතා සමාරම්භක අවස්ථාවට එක්විය. සෞඛ්‍ය උපදෙස් නිසිලෙස අනුගමනය කරමින් මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබිම සම්බන්ධයෙන් ඇමතිවරයා ශ්‍රී ලංකා මහාබෝධි සංගමයට සිය කෘතඥතාව පළ කළේය. ජාතික ගුවන් විදුලියට අදහස් දක්වමින් සාන්චි විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේ පැවසුවේ වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යන මෙම අග්‍රශ්‍රාවක ධාතු ප්‍රදර්ශනය බාධක.අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ මෙවර ද සංවිධාන කළ බවයි. සාංචි චේතියගිරි විහාරවාසි පුජ්‍ය උඩුගම තපස්සි ස්වාමින් වහන්සේ අදහස් දක්වමින්.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *