සංචාරකයන් සදහා රට කඩිනමින් යලි විවෘත කිරීමට අදාලව සෞඛ්‍ය හා සංචාරක බලධාරින් අතර හමුවක්
සංචාරකයන් සදහා රට කඩිනමින් යලි විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි. ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සදහා සෞඛ්‍ය හා සංචාරක බලධාරින් අතර හමුවක් ලබන සතියේ පැවැත්වෙයි. සෞඛ්‍ය නිර්දේශවලට අනුකුලව සංචාරකයන් සදහා රට යලි විවෘත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. සෞඛ්‍ය ඇමති පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ප්රමුඛ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රධානිහු ද සංචාරක ක්ෂේත්රයේ ප්රධානිහු ද ඊට සහභාගි වෙති.
පලමු කොරෝනා රැල්ල පාලනය කිරීමෙන් අනතුරුව සංචාරකයන් කණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබිනි. ඒ අනුව රුසියානු සමුහාණ්ඩුවට අයත් රටවල සංචාරකයන් 44 000 දිවයිනට ගෙන්වා ගැනීම සදහා අගමැතිවරයා හා සංචාරක ඇමතිවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ සංදේශයකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබි තිබින. ඊට අමතරව ජර්මනිය, ඔස්ට්‍රෙිලියාව වැනි රටවලින් ද සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබිනි. පැමිණෙන සංචාරකයන් පලමු දින 14 හෝටල් තුළම රඳවා තැබිමටත් ඔවුන් මෙරටට පැමිණිමට පෙර හා පැමිණිමෙන් පසු පී. සී ආර්. පරීක්ෂණවලට ලක්කිරීමටත් සැලසුම් කර තිබු බව සංචාරක අමාත්‍යංශය පවසයි.