පිටකොටුව හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළද තොග වෙළෙඳ කටයුතුවලට අවසර හිමි නොවේ
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් අද අලුයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, පිටකොටුව සහ වෙරළබඩ පොලිස් වසම්වල හුදෙකලා බව ඒ අනුව ඉවත් කෙරේ. එහෙත් මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්රුන්ඩ්පාස්, ආදුරුප්පුවිීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන,යන පොලිස් වයම්වල හුදෙකලා බව තවදුරටත් ක්‍රියාත්මකයි, කොම්පඤ්ඤවිදිය පොලිස්වමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම මහ බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්රාමනිලධාරි වසමද තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවති. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද අලුයම 5.00 සිට අලුතින් හුදෙකලා තත්ත්වයට පත් කෙරේ. මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය ද වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද සෙවණ, නිවාස යෝජනා ක්‍රමය,සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම් සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම් එම ප්‍රදේශ වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම අද අලුයම 5.00 ට හුදෙකලා තත්තවයෙන් ඉවත් කෙරේ. එහෙත්,වත්තල, පෑලියගොඩ, සහ කැලණීය ප්‍රදේශ තවදුරටත් හුදකලා තත්වයේ පවතිනු ඇත. දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදෙකලා තත්ත්වයේම පවතින බව කොවිඩ් නයින්ටීන් පැතිරිීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර පිටකොටුව හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළද තොග වෙළෙද කටයුතුවලට අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි