ඉන්දුනිසියාවේ ඉලි ලොවොටොලොක් ගිනිකන්ද සක්‍රීයවීමත් සමග දහස් ගණනක් අවතැන්

Share Button

ඉන්දුනිසියාවේ ඉලි ලොවොටොලොක් ගිනිකන්ද සක්‍රීයවීමත් සමග ඒ අවට ජිවත්වු දහස් ගනණක පිරිසක් ආරක්ෂා සහිත ස්ථාන කරා යොමු කෙරෙති.විෂ සහිත වායු හා ලාවා පැතිරයා හැකි බවට බලධාරින් ජනතාවට අනතුරු අගවා තිබේ. ගම්මාන 25 ක ුන්දහසකට අධික පිරිසක් ආරක්ෂිත කධවුරු වෙත යොමු කරනු ලැබුහ. ගිනිකන්ද සක්‍රීයවීමත් සමග ඉන් නැගුනු අඵ හා දුමාරය කිලෝමිටර් හතරක් පමණ ඉහල අහසට විහිදගිය බව වාර්තා වෙයි. ගිනිකන්ද සක්‍රියවීම හේතුවෙන් එරට අභ්‍යන්තර ගුවන් තොටුපල මේ වනවිට වසා දමා තිබේ. කෙසේ වෙතත් මේ දක්වා ජිවිත හානි කිසිවක් වාර්තාවී නැත. ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනිකඳු 130 ක් පමණ පවති. එම නිසා එරටින් නිරතුරු ගිනි කඳු ආශ්‍රිත ආපදා වාර්තා වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *