රැඳවියන් 106 දෙනෙකු තුවාල ලබා 9 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි

Share Button

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරිීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පවසයි. රැඳවියන් බන්ධනාගාරයේ ඖෂධ ශාලාව බිඳ දමා මානසික රෝගීන් සදහා ලබා දෙන ඖෂධ ඇතුඵ් අනිකුත් ඖෂධ භාවිත කිරීම නිසා ඔවුන් තුල ඇතිවු මානසික ව්‍යාකුලතාව හේතුවෙන් මෙම බරපතල සිද්ධිය හටගෙන ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළේය. කොවිඩ් වසංගතය හේතුවෙන් පී සී ආර් පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලා රැඳවියන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ. එම අවස්ථාවේ නිලධාරීන් ඔවුන්ට අවවාද කර තත්ත්වය සමථයකට පත් කිරීමට උත්සාහ කළද බන්ධනාගාර අධිකාරීවරයා ඇතුඵ නිලධාරීන්ට පහර දෙමින් රැඳවියන් පළා යාමට උත්සාහ දරා තිබෙ. එම අවස්ථාවේ දී තත්ත්වය පාලනය කිරීම සදහා අවශ්‍ය බලය යෙදීමට නිලධාරීන්ට සිදුවු බව ඔහු පැවසීය.
මහර බන්ධනාගාරයේ හටගත් සිදු විමේදී රැඳවියන් 106 දෙනෙකු තුවාල ලබා 9 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *