බුරවි සුළි කුණාටුව අද පෙරවරුවේ මන්නාරම් බොක්ක ප්‍රද්ශයට

Share Button

බුරවි සුළි කුණාටුව අද පෙරවරුවේ මන්නාරම බොක්ක වෙත ලගාවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම තත්ත්වය හමුවේ ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා සහ පුූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටරයක් පමණ ඉහළ යාහැකිය. ඒ අනුව වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවීමේ හැකියාව පවති. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 100 දක්වා ඉහළ යා හැකිය. ඒ අනුව එම මුහුදු ප්‍රදේශ වරින් වර රඑ වෙයි. අද උතුර උතුරු මැද වයඹ මධ්‍යම හා සබරගමුව යන පළාත්වල වරින් වර පැයට කිලෝ මිටර් 60 ත් 70 ත් අතර තද සුළං ඇතිවිය හැකිය. නැගෙනහිර පළාතේ වරින් වර පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇතිවෙයි. සෙසු පළාත්වල ද වරින් වර පැයට කිලෝ මිටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවීමේ හැකියාව පවතී. උතුර හා වයඹ පළාත්වල බොහෝ ස්ථානවල නිරතුරුව වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවන තද වැසි ඇතිවිය හැකිය. දකුණු පළාතට ද තැනින් තැන වැසි හා මිලිලීටර් 50 වඩා වැඩි වැසි අපේක්ෂා කෙරේ. උතුරු මැද නැගෙනහිර හා සෙසු පළාත්වල ද වරින් වර වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇතිවීමේ හැකියාව පවති.
නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැලකී සිටින්නැයි කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මීට පෙර නිවේදනය කළ ආරක්ෂාව සඳහා වු නිවේදන හා උපදෙස් ඒ අයුරින්ම පිලිපැදිම අත්‍යාවශ්‍ය වෙයි. ඉදිරියේදි ඇතැවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව විමිසලිමත් වන්නැයි ජනතාවට දැනුම් දෙයි. හදිසි තත්ත්වයකදි ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරින්ගේ සහාය ලබාගන්නා ලෙසත් මේ සම්බන්ධයෙන් කරන දැනුවත් කිරිමේ කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත් කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර අදත් හෙටත් උතුරු පළාතේ සියලු පාසල් වසා තැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම් චාල්ස් මහත්මිය දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *