දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුර 22488 දක්වා ඉහළට – ඊයේ කොරෝනා මරණ 5 ක්

Share Button

දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුර 22488 දක්වා ඉහළ යයි. ඊයේ ආසාදිතයන් 627  දෙනෙකු හඳුනාගෙන් තිබේ. ඔවුහු සියඑදෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.
ඊයේ කොරෝනා මරණ 5 ක් වාර්තා විය. කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය මස 28 වැනිදා මිය ගියාය. කොරෝනා වෛරසය ආසාදනය වීම හා  හෘද රෝගය හා දියවැඩියාව නිසා ඇතිවු සංකූලතා  උග්‍රවීම මරණයට හේතුව ලෙස හඳුනාගෙන තිබේ. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පසුගිය බදාදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් තිබිනි. කොරෝනා වෛරසය ආසාදනය වීම හා අධික රුධිර පිඩනය සමග මොලය අභ්‍යන්තරයට රුධිරය ගැලීම මරණයට හේතුව ලෙස හඳුනාගනු ලැබීය. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 85 ස් හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පසුගිය සඳුදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් තිබිනි. කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග උග්‍රවු බැක්ටීරියා ආසාදනයක් නිසා ඇතිවු සංකූලතාවක් මරණයට හේතුවයි. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පසුගිය බදාදා නිවසේදී මිය ගියේය. කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඇතිවු හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස හඳුනා ගනු ලැබීය. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ මිය ගියේය. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවු නිව්මෝනියාව සමග ස්වසන මාර්ගයේ ඇතිවු අකර්මන්‍යවීමක් මරණයට හේතුවයි.
ඒ අනුව ශ්‍රි ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝ නා මරණ සංඛ්‍යාව 129 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *