සුප්‍රකට ස්කූබා ඩයිවින් නම් සගරාව විසින් “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස ආශා ඩී වොස් නම්කරයි

Share Button

සුප්‍රකට ස්කූබා ඩයිවින් නම් සගරාව විසින් “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස මෙරටින් බිහිවූ ලෝක ප්‍රකට සාගර විද්‍යඥවරියක වන  ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය නම් කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය කියා සිටියේ සාගර සංරක්ෂණ ක්‍රියාවලියේදී එයට කැපවන සහ සංරක්ෂණය කළ යුතු අංග හඳුනා ගෙන ඒවාට විසඳුම් සොයන පිරිසක් රටකට ඉතාමත් වටිනා බවය. එවැනි අයට නිසි මාර්ගෝපදේශනයක් ලබා දිය යුතු යැයිද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
සාගරය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසට උදව් කිරීම සේම , සාගර සංරක්ෂණය පිළිබඳ ඇල්මක් ඇති අයට මේ අවස්ථාව හොඳ උත්තේජනයක් වනු ඇතැයිද ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

ආශා ඩි වොස් මහත්මිය ඉකුත් ඔක්තෝබර් මාසයේදී  මෙරට පානදුර වෙරළ තීරයට ගොඩ ගැසූ සියයකට ආසන්න නිල් තල්මසුන් සංඛ්‍යාවක් යළි මුහුදට හරවා යැවීමේ කර්තව්‍යයට සහභාගී වූ ප්‍රධාන  සාගර විද්‍යාඥවරිය ද වුවාය.  ස්කූබා ඩයිවින් සගරාව විසින්  “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස  ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය නම් කිරීමට එය ද හේතුවක්  වී ඇත.

ලාංකික සාගර විද්‍යාඥවරිය සිදුකළ සාගර පර්යේෂණය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් 5000 ක මුදල් ත්‍යාගයක්ද ඇයට සහ ඇයගේ ඕෂන් වෙල් නැමැති අධ්‍යයන ආයතනට පිරිනැමීමට එම සගරාව  තීරණය කරනු ලැබ ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *