පාස්කු ප්‍රහාරය පිලිබද පරික්ෂණ කඩිනම් කිරීමට අදාලව නිතිපතිවරයා සහ විශයභාර අමාත්‍යවරයා අතර සාකච්ඡා හෙට

Share Button

පාස්කු ප්‍රහාරය පිලිබද පරික්ෂණ කඩිනම් කිරීමට අදාලව නිතිපති දප්පුල ද ලිවේරා මහතා සහ සරත් වීරසේකර අමාත්‍යවරයා අතර සාකච්ඡා හෙට පැවැත්වේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියඵ දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබා දීමට රජය කිසිසේත් පසුබට නොවන බව සරත් වීරසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පාස්කු කොමිසමේදීද වැදගත් කරුණූ අනාවරණය වෙමින් පවතී. ඒ අනුව වැරදිකරුවන් සාක්ෂි සහිතව හදුනා ගෙන ඔවුන්ට දඩුවම් ලබාදීම රජයේ අපේක්ෂාව බව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කළේය. පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පසුගිය යහපාලන රජයේ පාර්ශව ඒ සම්බන්ධයෙන් වත්මන් රජයට චෝදනා එල්ල කිරීම සාහ්‍යයට කරුණක් බවද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *