හෙට සිට කාර්යාල හා පාසල් වේලාවලදී බස්රථ ධාවනය වෙනසක් සිදුකිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය සුදානම්

Share Button

සෑම ගමන් වාරයකදීම බස්රථ දෙක බැගින් ධාවනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරයි. කාර්යාල වේලාවලදී සහ පාසල් වේලාවලදී ජනතාවගේ ආරක්‍ෂාව පිළීබඳව සලකා මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජාතික ගුවන් විදුලියටට පැවසීය. හෙට සිට එම වැඩපිළීවෙල ක්‍රියාත්මකයි. බස්රථවල ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණිලි ලැබී තිබේ. එවැනි බස්රථ රියදුරන් සහ සහායකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනෙනු ඇත. රජය දුන් සහන අයුතු ලෙස භාවිත නොකළ ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව සලකා බස්රථ ධාවනය කරන්නැයි රාජ්‍ය ඇමතිවරයා බස් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි..

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *