කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදෙකලා බවින් ඉවතට – තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Share Button

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කෙරෙන අතර අලුතින් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලුමැන්ඩල් පොලිස් වසම හා වැල්ලම්පිටිය පොලිස් වසමේ විජයපුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කෙරේ. කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම කුරුදුවත්ත පොලිස් වසමේ 60 වත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලාපාර හෙට අලුයම 5.00 සිට හුදෙකලා ප්‍රදේශ ලෙස අලුතින් ප්‍රකාශයට පත්කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, කොටහේන, ග්‍රූන්ඩ්පාස්, ආදුරුප්පුවිදිය, වේල්ලවීදිය,කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, හා මරදාන යන පොලිස් වසම්ද කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ වෑකන්ද, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල හා වැල්ලම්පිටිය පොලිස්වසමේ සාලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම්ද තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතී. ඊට අමතරව වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය හා මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දියඋයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස ද තවදුරටත් හුදෙකලා ප්‍රදේශ වෙයි,
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල , පෑලියගොඩ, හා කැළණිය පොලිස් වසම් හෙට අලුයම 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කෙරේ. එහෙත් වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය, හේකිත්ත, කුරුදුහේන, ඇවරිවත්ත, හා වැලිකඩමුල්ල යන ග්‍රාම නිලධාරී වසම්ද පෑලියගොඩ පොලිස්වසමේ පැලීයගොඩ, පැලියගොඩ ගගබඩ, මිීගහවත්ත, සහ පට්ටිය යන ග්‍රාම නිලධෘරී වසම්ද හුදෙකලා බවින් ඉවත් නොකෙරේ. කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ – උතුර ග්‍රාම නිලධාරී වසමද හෙට අලුයම 5.00 සිට හුදෙකලා ප්‍රදේශයක් ලෙස අලුතින් ප්‍රකාශයට පත්කර තිබේ.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු තවදුරටත් හුදෙකලා ප්‍රදේශ වශයෙන් පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

විනෝදය සදහා මහාමාර්ගවල රිය පැදවීමෙන් වළකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මාර්ග නීති කඩකරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනිම සදහා රථවාහන පොලිසිය නිරතුරු අවධානයෙන් පසුවෙයි. ඒ සදහා සිදුකරන මෙහෙයුම් පුඵල් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *