සුළි කුණාටුව හේතුවෙන් වසා දැමුනු නැගෙනහිර පළාතේ සියලු පාසල් අද විවෘත කෙරේ – ගාල්ල අධ්‍යාපන කොට්ටාශයේ පාසල් 26 ක් අද සිට දින 3 ක් වසා තැබේ
සුළි කුණාටුව හේතුවෙන් වසා දැමූ නැගෙනහිර පළාතේ සියලු පාසල් අද සිට යළි විවෘත කෙරේ. ඒ අනුව කල්මුනේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ බලප්‍රදේශයේ අධ්‍යාපන කලාප 4 ක හැර අනෙකුත් සියලු පාසල්වල කටයුතු අද ඇරඹෙන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුනු කල්මුනේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ බලප්‍රදේශයේ අධ්‍යාපන කලාප 4 ක පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශ හා ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් අනුව අද තීරණයක් ගන්නා බව පළාත් අධ්‍යාපන ලේකම් අයි කේ ජී මුතුබන්ඩා මහතා පැවසීය.
මේ අතර කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ටාශයට අයත් පාසල් 26 ක් අද සිට දින 3 ක් වසා තබන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි. ඒ අනුව එම පාසල් යළි ආරම්භ වන්නේ ලබන බ්‍රහස්පතින්දා දිනයි.