ප්‍රදේශ කිහිපයක හුදෙකලා තත්ත්වය අද අඑයම සිට ඉවතට – තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදෙකලා කෙරේ

Share Button

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් අද අලුයම 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කෙරෙන අතර අලුතින් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලුමැන්ඩල් පොලිස් වසම හා වැල්ලම්පිටිය පොලිස් වසමේ විජයපුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කෙරේ.කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම කුරුදුවත්ත පොලිස් වසමේ 60 වත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලාපාර අද අලුයම 5.00 සිට හුදෙකලා ප්‍රදේශ ලෙස අලුතින් ප්‍රකාශයට පත්කර තිබේ.කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, කොටහේන, ග්‍රූන්ඩ්පාස්ඩ්, ආදුරුප්පුවිදිය.වේල්ලවීදිය, කෙසෙල්වත්ත.මාළිගාවත්ත, දෙමටගොඩ, හා මරදාන යන පොලිස් වසම්ද කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ වෑකන්ද, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල හා වැල්ලම්පිටිය පොලිස්වසමේ සාලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම්ද තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතී. ඊට අමතරව වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය හා මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දියඋයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස ද තවදුරටත් හුදෙකලා ප්‍රදේශ වෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ,පෑලියගොඩ, හා කැළණිය පොලිස් වසම් අද අලුයම 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කෙරේ. එහෙත් වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය,හේකිත්ත, කුරුදුහේන, ඇවරිවත්ත,හා වැලිකඩමුල්ල යන ග්‍රාම නිලධාරී වසම්ද පෑලියගොඩ පොලිස්වසමේ පැලීයගොඩ,පැලියගොඩ ගගබඩ, මිීගහවත්ත, සහ පට්ටිය යන ග්‍රාම නිලධෘරී වසම්ද හුදෙකලා බවින් ඉවත් නොකෙරේ. කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ – උතුර ග්‍රාම නිලධාරී වසමද අද අලුයම 5.00 සිට හුදෙකලා ප්‍රදේශයක් ලෙස අලුතින් ප්‍රකාශයට පත්කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *