වැඩ සමග යළි ගමට නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නැයි අගමැතිගෙන් නිලධාරින්ට උපදෙස්
වැඩ සමග යළි ගමට නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට රටපුරා ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරින්ට ඊයේ උපදෙස් දුන්නේය. ඒ පාර්ලිමේන්තු සංකිර්ණයේ දි මුදල් අමාත්‍යංශයේ උපදේශක කාරක රැස්වු අවස්ථාවේදිය. කොරෝනා වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය දැඩි අසීරුතාවට මුහුණ දි ඇති බැවින් ඊට මුදල් අමාත්‍යංශයේ සහය ලබාදිය යුතු බවට මෙහිදි යෝජනා වි තිබේ. සියයට හැත්තැදෙකක් වු ග්‍රාමිය හා අර්ධ නාගරිකයන්ගේ ජීවන මට්ටමේ සාධනීය වෙනසක් ඇතිකිරිමට නම් ජනතාවගේ අවශ්‍යතා ප්‍රමුඛතාවලට මුල්තැන දිය යුතු බවටද යෝජනා විය. ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් සහ ෂෙහාන් සේමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහය ඇතිව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරිමට මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා එහිදි එකගතාව පල කලේය.