ඉන්දියාවේ ආන්ද්‍රා ප්රදේශ්හී පුද්ගලයෝ 227 දෙනෙකු රෝහල්ගත කෙරෙති
හදුනානොගත් රෝගයක් හේතුවෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප්රදේශ්හී පුද්ගලයෝ 227 දෙනෙකු රෝහල්ගත කෙරෙති. ඊට හේතුව යම් විශක් ශරීරගත වීමද යන්න පිලිබද පරික්ෂණ දැන් පැවැත්වේ. එක් පුද්ගල මරණයක්ද වාර්තා වේ. එක්වරම සිහි මූර්ජාවීම නිසා මෙම පිරිස රෝහල් ගත කර ඇත. එලූරූ නම් නගරයේ පුද්ගලයින් 227 දෙනෙකු මෙම රෝගයට ගොදුරු වී ඇත. කොරෝනා වසංගතයේ බලපෑමෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේද ආන්ද්‍රා ප්රදේශයයි. එම ප්‍රදේශයේ අට ලක්ෂයකට කොරෝනා ආසාදනය වි ඇතැයි වාර්ථා වේ.