රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහ තමා අතර කිසිදු ගැටලුවක් නොතිබු බව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පාස්කු කොමිසම හමුවේ පවසයි

Share Button

ඉස්ලාම් අන්තවාදය පිලබද රාජ්‍ය බුද්ධි සේවය ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයට තොරතුරු නොදුන්නේ එහි සිටි නාලක සිල්වා මහතාගේ ගැටලුවක් හේතුවෙන් බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කර ඇතත් එවැනි ගැටලුවක් නොතිබු බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිලිබද ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු අද මේ බව පැවසිය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තොරතුරු හෙලිකළ නාමල් කුමාර නැමැත්තා සහ නාලක සිල්වා මහතා අතර සිදුවු දුරකතන සංවාදවල පටිගත කිරිම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශණ කිරිමට නාලක සිල්වා මහතා කොමිසම හමුවට අද කැදවා තිබිණි. නාමල් කුමාර නැමැත්තා සිය මිතුරන් කිහිපදෙනෙකු සමග හිටපු විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතිෆ් මහතා ඝාතනය කිරිමට සැලසුම් කර තිබු බවද අද කොමිසම හමුවේ අනාවරණය විය. එවකට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් නාමල් කුමාර නැමැත්තා තොරතුරුකරුවෙකු ලෙස තමන් වෙත යොමු කර තිබු බවත් ඔහුගෙන් ලද තොරතුරු මත රෝහින්යා සරණාගතයින් රැදි සිටි ස්ථාන පිලිබද තොරතුරු අනාවරණය කරගැනිමට හැකි වු බවත් නාලක සිල්වා මහතා පැවසිය. හඩපට සම්බන්ධයෙන් කරුණු විමසීමේදි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට ඉන්දියානු බුද්ධි අංශ මුල්‍ය අනුග්‍රහය දක්වන බවට නාලක සිල්වා මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද කොමිසම කරුණු විමසිය. නාමල් කුමාර නැමැත්තා කෙබදු පුද්ගලයෙකු දැයි තහවුරු කරගැනිමට තමන් එවැනි කරුනු ඔහු සමග සාකච්ඡා කල බව නාලක සිල්වා මහතා පැවසිය. නාමල් කුමාර නැමැත්තා සමග කටයුතු කිරිමේදි ඔහු පිලිබද පැවැති විශ්වාසය මුලුමනින්ම බිදවැටුනු හෙයින් ඔහු තොරතුරුකරුවෙකු ලෙස යොදාගැනිම නැවැත්විමට හා ඒ පිලිබද පොලිස්පතිවරයාට දැනුම් දිමට තමා ක්‍රියාකළ බව හෙතෙම සදහන් කලේය. හඩපට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට ලැබුනේ කෙසේද යන්න ප්‍රශ්ණයක් බව නාලක සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *