පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට විවිධ දේශපාලනික බලපෑම් එල්ල වු ආකාරය ඒ පිළිබඳව විමර්ශනය කරන කොමිසමේ දී හෙලි වෙයි

Share Button

2015 වසරේ දී රටේ නායකයින් පත් කිරීම සහ දේශපාලනය සම්බන්ධයෙන් විදෙස් රටවලින් බලපෑම් එල්ල වු බවට සැක මතුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව කිීවේය. එක් රටක්, එක් නීතියක් යන්නට එරෙහිව ප්‍රබල මුස්ලිම් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ක්‍රියා කළ බව ඔහු පෙන්වා දෙයි. පාස්කු ප්‍රහාරය සිදුවීමට ඔවුන්ගේ ක්‍රියාකාරකම් ද බලපෑ බව ඒ මහතා සදහන් කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී සහරාන් නමැත්තා ද ඊට ගොදුරු විය. සංවිධානයක නායකයා සහ සාමාජිකයන් බෝම්බ පුපුරවාගෙන මිය යාම මගින් ඔවුන් විදේශ බලවේගයක් මගින් හැසිරවු බව හැගී යන බවද ජයසේකර මහතා කියා සිටී. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ භුමිකාවේ යම් යම් අඩුපාඩු පැවති බවද හෙතෙම පැවසීය. ඊයේ සාක්ෂි ලබා දුන් වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පැවසුවේ විවිධ දේශපාලනික බලපෑම් විමර්ශනවලට බාධා එල්ල කළ බවයි. තමා සහ නාමල් කුමාර නමැත්තා අතර ඇතිවු සංවාදවල හඩපට සියල්ල සංස්කරණයට ලක්කර ඇති බව ඔහු මෙම කොමිසමේ දී කීවේය.නාමල් කුමාර නමැත්තාව තමාට සම්බන්ධ කළේ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා බවද ඔහු පැවසීය. නාමල් කුමාර නමැත්තා බොරු කාරයෙකු බවත් ඩ්€ු ඔහු මුදල් පමණක් ඉලක්ක කොට සියලු දේ කළ බවත් නාලක සිල්වා මහතා කීවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර තමන්ට යම් යම් බලපෑම් කළ බවද ඒවා දේශපාලනය දක්වාම දුරදිග ගිය බවද ඔහු සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *