ලංකා ප්‍රිමියර් ලිග් – ඊයේ තරගයේ ජය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට

Share Button

ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවැති 16 වැනි තරගයේදි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුල 6ක් ජයක් ලැබිමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමත්විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 150 ක් රැස්කළේය. ඒ අනුව ලකුණු 151 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි එක්පන්දුවක් අවසානයේ එම ඉලක්කය සපුරා ගැනිමට හැකිවිය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 59 ක් රැස්කලේය. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ අසේල ගුණරත්න නොදැවි රැස්කල ලකුණු සංඛ්‍යාව පනස් දෙකකි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලිය ලෙස කටයුතු කරන්නේ ජාතික ගුවන් විදුලියයි. ජාතික ක්‍රිඩා විකාශය ඔස්සේ සිංහල. දෙමල ඉංග්‍රිසි භාෂාත්‍රයෙන්ම විස්තර ප්‍රචාරයට සවන්දිය හැකිය. කොළඹ කඵතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල 107 යි දශම 3 හා 107 යි දශම 5 එෆ් එම් තරංග මාලා ඔස්සේද ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල 104 දශම 7 හා 104 දශම 9 ඔස්සේද ත්‍රිකුණාමලය. අනුරාධපුරය. හා පොලොන්නරුව. දිස්ත්‍රික්කවල 97 දශම 4 හා 104 දශම 9 තරංග මාලා ඔස්සේද ජාතික ක්‍රිඩා විකාශයට සවන් දිය හැකිය. මහනුවර. නුවරඑළිය. බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල එම සංඛ්‍යාත වන්නේ 97 දශම 4. 102 යි දශම 1 හා 104 දශම 7 යි. යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික්කවලින් 89 යි දශම 8 හා රත්නපුරය. කෑගල්ල සහ බලන්ගොඩ ප්‍රදේශ වලින් 107 යි දශම 5 තරංග මාලා ඔස්සේ ඊට සවන් දිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *