දිගු කාලීන ආර්ථික පුනරුදය පිළිබඳව ජනාධිපතිතුමා පෞද්ගලික අංශය සමග සාකච්ඡාවක

Share Button

ආර්ථික වර්ධනය සිදුවිය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අන්දමින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. එහිදී පෞද්ලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශ ඉතාමත් වැදගත් බව එතුමා සඳහන් කලේ පෞද්ගලික ව්‍යවසායකයන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදිය. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම තම අරමුණ බව එතුමා පැවසිය. එයට ඉවහල් වන ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් මේ සඳහා ඇති බාධක හඳුනා ගන්නා ලෙසත් ජනාධිපතිතුමා පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියේය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වු ආර්ථිකය යළි සක්‍රිය කර දිගු කාලීන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනිම අරමුණු කර පෞද්ගලික ව්‍යාවසායකයන් කණ්ඩායම් වශයෙන් හමුවීමට ජනාධිපතිතුමා තිරණය කර තිබේ. ඊයේ හමුවුයේ එහි දෙවන කණ්ඩායමයි.

සංචාරක කර්මාන්තය, ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීම්, සන්නිවේදන තාක්ෂණය, හෝටල් කර්මාන්තය, ශාක නිෂ්පාදන, පශූ නිෂ්පාදන, කිරි කර්මාන්තය, ලුනු නිෂ්පාදනය, කෘෂි නිෂ්පාදන සුඑ අපනයන බෝග, කාබනික ගොවිතැන ආදි ක්ෂේත්‍ර ගනනාවකට අයත් ප්‍රමුඛ පෙලේ ආයතනවල ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.
ශක්තිමක් ආර්ථිකයක් ගොඩනැගිමට ජනාධිපතිතුමා අනුගමනය කරන තිරසාර හා විධිමත් ප්‍රතිපත්ති පිළිබඳව ව්‍යවසායකයෝ ප්‍රසාදය පලකලහ. 2021 අයවැයෙන් ආර්ථික සංවර්ධනය සඳහා ඉදිරපත්කර ඇති සහන ඔවුන්ගේ ඇගයීමට ලක්විය. තම ව්‍යාපාරික ක්ෂේත්‍රවල වත්මන් තත්ත්වය ජනාධිපතිතුමාට පැහැදිලි කළ ඔවුහු වර්මානයේ තමන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව ද විස්තර කලහ. එම ගැටළු අධ්‍යයනය කර ඒවාට විසඳුම් දෙන බවට ජනාධිපතිතුමා එහිදී සහතික විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *