වෛද්‍ය සාෆි සහබ්දීන්ට තවුහිද් ජමාද් සංවිධානයෙන් මුදල් ලැබී ඇති බවට පාස්කු කොමිසමේදී හෙලිවේ

Share Button

වන්ද්‍යාකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වු වෛද්‍ය සාෆි සහබ්දීන්ට හිටපු අමාත්‍ය රිසාඩ් බදියුදීන් මහතා සමග සබඳතා තිබු බව කුරුණැගල දිසාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසයි. අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ නිසා තමාව ස්ථාන මාරු කළ බව ඔහු මේ බව ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිස හමුවේ ඊයේ සාක්‍ෂි දුන් අවස්ථාවේදීය.ඔහු වැඩිදුරටත් සදහන් කලේ වෛද්‍ය සාෆි සහබ්දීන්ට තවුහිද් ජමාද් සංවිධානයේ මුදල් ලැබුණ බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණ වු බවයි.පාස්කු ප්‍රහාරයෙන් පසු ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කෙරිණ. ඔවුන්ගෙන් දෙදෙනෙකු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වු බව කිත්සිරි ජයලත් මහතා පැවසීය. වැදගත් බුද්ධි තොරතුරු 45කට ආසන්න සංඛ්‍යාවක් තමාට ලැබුණ බවත් එක් සුවිශේෂි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු සමාජ මාධ්‍ය මෙන්ම විවිධ ක්‍රමවලින් බලපෑම් එල්ල වු බවත් හෙතෙම කීවේය. එම බලපැම් හමුවේ තමාව පුත්තලමට මාරුකර යැවු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *