අලි-මිනිස් ගැටුමෙන් ලොව වැඩියෙන්ම අලි මරණ සිදුවන රට ශ්‍රී ලංකාවයි
අලි-මිනිස් ගැටුම හේතුවෙන් ලොව වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වෙයි. අලි-මිනිස් ගැටුම හේතුවෙන් ලොව වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම සම්බන්ධ විශේෂ විගණන වාර්තා පදනම් කර ගනිමින් පසුගිය බදාදා පැවති රජයේ ගිණුම් කාරක සභාවේදී මෙම තොරතුරු හෙලි විය. අලි-මිනිස් ගැටුම පිළිබඳව වසර ගණනාවන පර්යේෂණාත්මක අත්දැකීම් ඇති විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා එහිදී අලි-මිනිස් ගැටුමේ වත්මන් තත්ත්වය කමිටුවට පැහිදිලි කළේය. අලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මිය යන අලි ඇතුන් සංඛ්‍යාව 270 ක් පමණ වුවද පසුගිය වසරේදී එය 407 දක්වා ඉහල ගොස් ඇතැයි කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා එහිදී පැවසීය. අලි-මිනිස් ගැටුම හේතුවෙන් අහිමිවු මිනිස් ජිවිත සංඛ්‍යාව ද පසුගිය වසරේ ඉහල ගොස් තිබේ. මේ වනවිට ප්‍රබල ගැටඵවක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුම විසදීම සදහා වනජිවි දෙපාර්තමේන්තුව ඇතුඵ අදාල ආයතන එක්ව කාර්යක්ෂ්ම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කෝපා කමිටුව එහිදී අවධාරණය කළේය.