ජාතික ගුවන් විදුලියේ 95 වන සංවත්සරයට සමගාමිව වැඩසටහන් රැසක්

Share Button

ජාතික ගුවන් විදුලියේ 95 වන සංවත්සරයට සමගාමිව වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. ඒ අනුව සිංහල ස්වදේශිය සේවය ඔස්සේ විශේෂ ධර්මදේශනා මාලාවක් ප්‍රචාරය කෙරේ. ලබන බදාදා දක්වා ධර්මදේශනා මාලාව ප්‍රචාරය කෙරෙන අතර අද පෙරවරු 5 ට පුජ්‍ය හේනපිටිගෙදර ඥාණසිහ ස්වාමින් වහන්සේගේ ධර්මදේශනයක් ප්‍රචාරය වේ. පෙරවරු 8 ට ශ්‍රි ලංකා අමරපුර මහ නිකායේ චුල ග්‍රන්ථී පාර්ශවයේ මහා නායක අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ වැඩබලන උත්තරීතර මහා නායක සාහිත්‍ය ශූරි අතිපුජ්‍ය ගන්තුනේ අස්සජි මහා නායක හිමියන්ගේ ධර්මදේශනයක් ද, පස්වරු 8 ට බස්නාහිර පළාතේ කොළඹ තොටුමුනේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධම්ම කිර්ති ශ්‍රි ධම්මසිද්ධි , අධ්‍යාපනපති ශාස්ත්‍රපති පුජ්‍යපාද සුරියගොඩ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයක්ද ප්‍රචාරය කෙරේ. සිත නිවන බුදුබණ නමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.

මේ අතර ජාතික ගුවන් විදුලියේ 95 වැනි සංවත්සරයට සමගාමිව කදුරට සේවය සංවිධානය කරන ධර්මදේශනා වැඩසටහන් මාලාවේ තවත් ධර්මදේශනයක් අද පස්වරු 5 ට කදුරට සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. අද දිනයේදී ධර්මදේශනය පවත්වනු ලබන්නේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමින් වහන්සේ විසිනි. ජාතික ගුවන් විදුලියේ 95 වන සංවත්සරය වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආශිර්වාද පූජාවක්ද පැවැත්වේ. පෙරවරු 10 30 ට එය ආරම්භ වේ.එය වෙලදසේවය,සිටී එෆ් එම් ඇතුඵ නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරේ. කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාද මෙම අවස්ථාවට සහභාගී වෙයි.සර්ව ආගමික වතාවත්ද මහනුවරදී අද පැවැත්වේ. ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ සහ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වෙති. අද දිනයේ සුභාරතී සංවාද මණ්ඩපයෙන් නිර්මාණකරුවන් බිහිකල සෞන්දර්යය නිකේතනය ගුවන් විදුලියයි මැයෙන් සංකථනයක් පැවැත්වේ. මහාචාර්යය ප්‍රනීත් අබේසුන්දර ,ආචාර්යය අරුණ ලොකුලියන යන මහත්වරු ඊට සහභාගී වෙති. පෙරවරු 7 සිට 8 දක්වා එය සිංහල ස්වදේශිය සේවය ඔස්සේ විසුරුවා හැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *