කොවිඩ් සදහා සොයාගත් දේශිය ප්‍රතිකාර ක්‍රමවල විද්යාකුලභාවය කඩිනමින් තහවුරු කරන්නැයි අගමැතිවරයාගෙන් ජාතික පර්යේෂණ සභාවට උපදෙස්
කොවිඩ් නයින්ටින් සදහා දේශිය වශයෙන් සොයා ගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධයෙන් විද්යානුකුල භාවය තහවුරු කිරීම කඩිනම් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දෙයි. එහිදී කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්දේශිත දේශිය වෙදකමත් ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මුලිකත්වයෙන් සැකසු කොවිඩ් සදහා විශේෂ ප්‍රතිකාර ක්‍රමය සහ කැගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය පිළිබඳ විද්යානුකුල පරීක්ෂණයක් සිදුකරනු ඇත. එමෙන්ම ලෝකයේ කොවිඩ් නයින්ටින් සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග පිළිබඳ හැදැරීමක් කොට ඒ පිළිබඳ වාර්තාවක් සපයන්නැයි අගමැතිවරයා ජාතික පර්යේෂණ සභාවට දැනුම්දී තිබේ.