රබර් වගාව ව්‍යාප්ත කිරිමේ නව වැඩපිලිවෙලක්
රබර් වගාව ව්‍යාප්ත කිරිමේ නව වැඩපිලිවෙලක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ක්‍රියාත්මක කරයි. සාම්ප්‍රදායික වගා ප්‍රදේශවලින් බැහැරව රබර් වගාව ව්‍යාප්ත කිරිම මෙහි අරමුණයි. දැනටමත් මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල හෙක්ටයාර් දොලොස්දහසක වානිජ වගාවක් ලෙස රබර් වගා කර තිබේ. අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලද ඒවා වගා කිරිමේ හැකියාව සොයා බැලේ. රබර් ආශ්රිත නව කර්මාන්ත ආරම්භ කර වගාකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට සැලසුම් කර ඇතැයි අමාත්‍යංශය පවසයි.