පුනර්ජනනීය බලශක්තිය විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරිමේ හැකියාව ජනාධිපතිතුමාගේ විමර්ශනයට

Share Button

සුළං. සුර්ය තාපය හා ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්තිය විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරිමේ හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විමර්ශනය කරයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව 2030 වසර වනවිට මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පුනර්ජනනිය බලශක්තියෙන් සපුරාගැනිම රජයේ අපේක්ෂාවයි. පුනර්ජනනිය බලශක්ති උත්පාදනය කෙටිකාලින ඉලක්ක සහිතව ක්‍රමානුකුලව සහ කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති විදුලි උත්පාදනය පිළිබඳ සාකච්ඡාවකදී එත්ුමා සදහන් කළේය. අනාගත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේදි බලශක්තිය සදහා වැඩිවන ඉල්ලුම පුනර්ජනනිය බලශක්ති ප්‍රභව වලින් ලබාගැනිමට බලාපොරොත්තු වේ. එහි පලමු අදියර යටතේ මන්නාරම දුපතේ ස්ථාපිත කළ සුළං බලාගාර පද්ධතියෙන් මෙගාවොට් 30 ක ධාරිතාවක් ප්‍රධාන විදුලිබල පද්ධතියට එක් කර තිබෙ.් ලබන වසර වනවිට එම ධාරිතාව මෙගාවොට් සියය දක්වා වැඩි කෙරේ. චුන්නාක්කම් හා පුනරින් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ද සුළං විදුලි බලාගාර ඉදි කෙරේ. සුර්ය බලය සහ ස්වභාවික වායු යොදා ගනිමින් ද මෙගාවොට් ධාරිතාව ඉහළ නැංවිමට සැලසුම් කර ඇත. මේ අතර ව්‍යාපෘති ක්‍රියාවට නැංවිමේදි පුද්ගලික ව්‍යවසායකයින්ට ඇති බාධා ඉවත් කර ඊට සියලු දිරිගැන්විම් රජයෙන් ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පැවසිය . ආයෝජකයින්ට සෙසු ආයතන මගින් පුර්ව අනුමැතිය ලබාගැනිමට අවශ්‍ය පහසුකම් සැලසිමේ වගකිම විදුලිබල අමාත්‍යංශයට පැවරේ. ආයෝජන මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යංශය එක්ව ආයෝජන අවස්ථා හදුනාගෙන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව එතුමා සදහන් කළේය. සුර්යකෝෂ මගින් බලශක්ති නිෂ්පාදනය සැලසුම් කිහිපයක් යටතේ සිදු කෙරේ. සමෘද්ධි පවුල් ලක්ෂයක් හදුනාගෙන නිවෙස්වල සුර්යකෝෂ ස්ථාපිත කර ඔවුන්ට ආදායම් ලබාගත හැකි ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවේ. ඒ සදහා නිවසකට වැයවන රුපියල් ලක්ෂ අටක මුදල රජයෙන් දැරිය යුතු බව ජනාධිපතිතුමා පැවසිය. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුඵ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *