”උතුරුමැද පළාතේ ආයුර්වේද ඖෂධ වගා සංග්‍රාමයක්” සුව ඇමැති කියයි

Share Button

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සිවු මහල් ආයුර්වේද ඖෂධ ගබඩා සංකීර්ණය විවෘත කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් මහරගම නාවින්න ප්‍රදේශයේ දී අද (06) පෙරවරුවේ සිදු කෙරිනි.

මේ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 176 කි.

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ “දින 60 පුනරුදය” වැඩසටහන යටතේ මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීම සිදුවිය.

එහිදී අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ, උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් ආයුර්වේද ඖෂධ වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බවයි.

මෙහිදී ආයුර්වේද ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරන ලද නව නිෂ්පාදන 07 ක් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනැමීම ද සිදු විය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා, කළමණාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *