දේශීය වශයෙන් නිෂ්පාදනය කරන වටිනා දේ අවතක්සේරු කිරීම කණගාටුවට කරුණක් බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක ස්වාමින් වහන්සේ පවසති

Share Button

විදේශ රටවලින් ගෙන එන ඇතැම් දේ කිසිදු වග විභාගයකින් තොරව ඉස්තරම්ම දේ ලෙස පිළිගන්නා මෙරට බහුතරය දේශීය වශයෙන් වටිනා දෙයක් නිෂ්පාදනය කළහොත් නිසි තක්සේරුවක් නොදී විවේචනය කිරීමට පෙළඹීම කණගාටුවට කරුණක් බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රීී ඥාණරතන ස්වාමින් වහන්සේ පවසති. කොවිඩ් සදහා නිපදවු ඖෂධය සම්බන්ධයෙන් රටේ පැන නැගී ඇත්තේ ද එවැනි තත්ත්වයකි. එබැවින් එහි ගුණ අගුණ පිළිබදව රටට ස්ථිර ප්‍රකාශයක් සිදු කිරීමට බලධාරීන් ක්‍රියා කරනු ඇතැයි මහනායක ස්වාමින් වහන්සේ පවසති. කොවිඩ් සදහා පැණියක් නිපදවු කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඊයේ අස්ගිරි මහා විහාරස්ථානයට ගොස් මහනායක ස්වාමින් වහන්සේ බැහැදැක තමන් නිපදවු ඖෂධය මහනායක ස්වාමින් වහන්සේට පිළිගන්වනු ලැබීය. මෙමගින් කොවිඩ් රෝගය සුව කළ හැකි නම් එය රටක් ලෙස අප ලබන විශාල ජයග්‍රහණයක් බවද උන්වහන්සේ පැවසුහ. දේශීය නිෂ්පාදන හෑල්ලුවට ලක් කරමින් ඒවාට නිසි තැන නොදීම අභාග්‍යයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *