රැකියා ලක්ෂයේ පළමු අදියරෙන් පත්විම් ලැබු පිරිසේ පුහුණුවිම් අවසන් වු සැණින් දෙවන අදියරේ පිරිසට පත්විම්
රැකියා ලක්ෂයේ පලමු අදියර යටතේ පත්වීම් ලැබු පිරිස පුහුණුවිම් අවසන් කළ වහාම දෙවන අදියර යටතේ බදවා ගත් පිරිසට පත්විම් දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අනුරාධපුර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති රැස්විමකට එක්වෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසිය. පලමු අදියරය යටතේ පත්විම් ලැබු බොහෝ පිරිසක් මේ වනවිට පුහුණුවිම්වල නිරතව සිටින බවත් ඉතිරි පිරිස පුහුණුවිම් සඳහා යොමු කිරිමට නියමිත බවත් ඔහු සදහන් කලේය. අනාගතය සැලසුම් කර ගනිමින් තවත් විශාල පිරිසකට සේවය කරන ලෙස එම අවස්ථාවට එක්ව සිටි පත්විම්ලාභින්ගෙන් රාජ්‍ය ඇමතිවරයා ඉල්ලා සිටියේය.