කොරෝනා මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළට

Share Button

දිවුලපිටිය පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුවලින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තිස්දහස් හැත්තැව දක්වා ඉහළ යයි. ඊයේ ආසාදිතයන් 611 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 3 ක් තහවුරු කලේය. කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක කාන්තාවක් කොළඹ ජාතික රොහලේ සිට හොමගම මුළික රෝහලට මාරුකර එවා ඇති අතර ඇය පසුගිය සඳුදා එම රෝහලේදී මිය ගියාය. වකුගඩු අක්‍රිය වීම හා කොරෝනා නිව්මෝනියාව මරණයට හේතුව ලෙස දැක්වෙයි. කොළඹ 09 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78 ක පිරිමි පුද්ගලයෙකු කොළඹ අයි ඩි එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය අගහරුවාදා මිය ගියේය. ලේ විෂවීම බහු ඉන්ද්‍රිය අක්‍රිය වීම හා කොරෝනා නිව්මෝනියාව මරණයට හේතුව ලෙස දැක්වෙයි. බන්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක කාන්තාවක් පානදුර මුළික රෝහලේ සිට හෝමගම මුළික රෝහලට මාරුකර එවා ඇති අතර ඇය ඊයේ එම රෝහලේදී මිය ගියාය. කොරෝනා නිව්මෝනියාව ලේ විෂවීම නිසා ඇතිවු කම්පනය හා බහුඉන්ද්‍රීය අක්‍රිය වීම මරණයට හේතුව ලෙස දැක්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *