අපේ ජනබල පක්ෂයේ ප්‍රසාද මන්ත්‍රි ධූරයට පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ නම් කෙරේ

Share Button

අපේ ජනබල පක්ෂයට හිමිවු ප්‍රසාද මන්ත්‍රි ධූරය සඳහා පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ නම්කර තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා අප කළ විමසුමකදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට හිමිවු ප්‍රසාද මන්ත්‍රිධූරය සඳහා මේ දක්වා කිසිවෙකු හෝ නම්කර නැතැයි එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ශමල් සෙනරත් මහතා අප කළ විමසුමකදී පැවසීය. ලබන මාසයේ ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බව ඔහු සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *