ළමයින් මාර්ගගත අධ්‍යාපනයට යොමුවිම නිසා දිනකට දෘෂ්ඨි රෝගාබාධවලට ලක්වු දරුවන් තිහකට ආසන්න පිරිසක්
කොරෝනා වසංගතයත් සමග බොහෝ ළමයින් මාර්ගගත අධ්‍යාපනයට යොමුවිම නිසා දිනකට දෘෂ්ඨි රෝගාබාධවලට ලක්වු දරුවන් තිහකට ආසන්න පිරිසක් මාතර මහ රෝහලේ අක්ෂි සායනයට පැමිණෙන බව එම රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙල මහතා පවසයි. එම නිසා අඛණ්ඩව පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ තිරය දෙස නොබලන ලෙස ඔහු සියලුදෙනාගෙන් ඉල්ලිමක් කරයි. මිනිත්තු විස්සෙන් විස්සට අඩු වශයෙන් තත්ත්පර විස්සක හෝ විවේකයක් ගැනිම වැදගත්ය. වමනය,ක්ලාන්තය,ඇස් වේදනාව, ඇස් වලින් කදුලු ගැලීම ආදි රෝග ලක්ෂණ මේ හේතුවෙන් ඇතිවිය හැක