රජයෙන් ඉවත් වන බවට පැතිර යන ප්‍රචාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වන බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නැතැයි රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සන්ධානගතව රජයක් ගොඩනැගුවේ රටේ අනාගතය වෙනුවෙන් මිස තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත්ව සමගි ජනබල වේගය සමග එක්වීමේ සුදානමක් පිළීබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වුවාය.