නව වසරේ පළමු පාසල් වාරය ජනවාරී 11 වැනිදා සිට
බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල්වල නව වාරය ජනවාරී 11 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී. එල්. පිරීස් මහතා කියයි. එම පාසල්වල පළමුවැනි ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණි දක්වා පන්තිද එදින ආරම්භ කෙරේ. අදාළ ප්‍රදේශවල පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානද ජනවාරී 11 වැනිදා සිට ආරම්භ කිරීමට අවසර දී ඇතැයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා පැවසීය.