රටේ අනාගතය පිලිබද බලාපොරොත්තු තබා ගැනිමට නම් සෑම අංශයකින්ම රට ස්වයංපෝෂිත කල යුතු බව අග්‍රාමාත්‍යවරයා පවසයි
රටේ අනාගතය පිලිබද බලාපොරොත්තු තබා ගැනිමට නම් සෑම අංශයකින්ම රට ස්වයංපෝෂිත කල යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ ආණ්ඩුවේ අරමුණ එය බව රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
පිටරටින් ගෙන්වන ඖෂධ මෙරට නිෂ්පාදනය කිරිමට අවශ්‍ය හැකියාව සහ දැනුම සහිත පුද්ගලයෝ මෙරටේ සිටිති.
ඔවුන්ගෙන් රටට සේවයක් ලබාගත යුතු බවට රජය විශ්වාස කරන බව හෙතෙම සදහන් කලේය.
මෙහිදි අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ වත්මන් ජනාධිපතිතුමාගේ අවශ්‍යතාව වන්නේ රටට අවශ්‍ය බෙහෙත් මෙරටේම නිෂ්පාදනය කිරිම බවයි.
ඒ සදහා රජය කැපවි ක්‍රියාකරන බව ඇය පැවසුවාය.
මෙම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යමින් හොරණ මිල්ලෑව ප්‍රදේශයේ වැඩි පහසුකම් සහිත ඖෂධ නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසිය.
පසුගිය සමයේ බෙහෙත් වර්ග 5 ක් පමණක් මෙරටේ නිෂ්පාදනය කර ඇති බව ඔහු සදහන් කලේය.