සිනමා ශාලා පළමුවැනිදා සිට විවෘතයි
සිමිත ආසන ධාරිතාවයක් සහිතව දිවයිනපුරා සිනමා ශාලා ලබන මස පළමුවැනිදා සිට විවෘත කෙරේ. ශාලාවෙන් සියයට 25 ක ආසන ධාරිතාවක් නරඹන්නන්ගෙන් පිරවිය හැකිය. හුදෙකලා ප්රදේශවල සිනමාහල් විවෘත කිරීමට අවසර නොමැත. කොරෝනා වෛරසයේ දෙවන රැල්ල හේතුවෙන් සියලුම සිනමාහල් වසා දැමීමට රජය ඔක්තෝබර් මාසයේදී තීරණය කර තිබිණි.