කොවිඩ් හේතුවෙන් නත්තල් වැඩසටහන් චාම් අයුරින් දිවයිනපුරා

Share Button

තමන් පරිත්‍යාගවී අනුන් රැකගැනීම ජීවිතයේ මාර්ගය බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. තමන්ට වඩා අනුන්ට ප්‍රේම කිරීමට මෙන්ම අනුන් වෙනුවෙන් කැපවීම ජීවිතය සාර්ථක කරගැනීමට වැදගත් වන බව උන්වහන්සේ පෙන්වා දෙති. වර්තමානයේදී මනුෂ්‍ය සමාජයේ විශාල පිරිහීමක් තිබේ. එම තත්වය ඇති වීමට ප්‍රධානම හේතුව හීක්මීමක් නොමැති කමයි. තමන් ගැන පමණක් සිතන තමන්ගේ අවශ්‍යතා ගැන පමණක් කල්පනා කරන සමාජයක් බිහිවී තිබෙන්නේ ආත්මාර්ථකාමීත්වය නිසා බව උන්වහන්සේ කියා සිටිති. එහි ප්‍රතිඵලය වන්නේ පාපය. කෑදරකම හා තණ්හාවයි. ගවලෙනක උපන් ජේසු බිළිදා අපට පෙන්වා දෙන්නේ ආදරය කිරීමයි. ආදරයෙන් ජීවත්වීමට නම් අප සියලුදෙනා නිහතමානී විය යුතුය.
මේ අතර නත්තල හේතුවෙන් අද දිවයිනපුරා කතෝලික දේවස්ථානවල ආගමික කටයුතු චාම් අයුරින් පැවැති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති. කොවිඩ් හේතුවෙන් එක් දේවස්ථානයකට රැස්කලේ බැතිමතුන් 50 කට අඩු සංඛ්‍යාවකි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව එම ආගමික කටයුතු සිදුවු බව සදහන්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *