කළුගල් හා පස් හා වැලි කැණීම් සිදුකළ ස්ථාන පුනරුත්ථාපනය නොකළ ව්‍යාපාරිකයන්ට යළිත් බලපත්‍ර නොදීමේ තීරණයක්
කළුගල් , පස් හා වැලි කැණීම් සිදුකරන ස්ථාන විධිමත්ම පුනරුත්ථාපනය කිරීමට ක්‍රියා නොකරන පුද්ගලයන්ට නැවත ඒ සදහා බලපත් නිකුත් නොකිරීමට තීරණයක් ගෙන ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. දශක කිහිපයක සිට මෙම ව්‍යාපාරවල නිරතවන අය එම කැණීම් අවසන් වු පසු මේ පිළිබඳව අවධානය යොමු නොකරයි. මැටි සදහා පස් කපන ලද ස්ථානවල විශාල වළවල් පවතින අතර ඉන් විශාල පරිසර හානි මෙන්ම අනතුරුද වාර්තා වී ඇත. ඇතැම් ස්ථාන බියකරු බැවින් ජනතාව එම ස්ථානවලට පවා නොයති. මින් ඉදිරියට පුනරුත්ථාපන කටයුතු බලපත්‍රය ලබාගන්නා පුද්ගලයාම සිදුකළ යුතුය. ඊට අදාළ වගන්තියක් බලපත්‍රයේ සදහන් කෙරේ. දැනට කැණිම් කර ඇති වළවල් සෑදුනු ස්ථාන පොකුණු ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුවී ඇත