අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට
යම් මෙහෙයුමක් සදහා ගොස් සිටි පොලිසිය සමග අද අලුයම ඇතිවු සිද්ධියකදී සැකකරුවෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. වේයන්ගොඩ පදිංචි සැකකරු ඉකුත් 19 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුනි. කොල්ලකෑම් සහ ආයුධ ලග තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු තුනක් විභාග වෙමින් පවති. මෙහිදී තුවාල ලැබු පොලිස් කොස්තාපල් රියදුරු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. මීට අදාලව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදු කෙරේ.
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා මුහුණු ආවරණ නොපැළඳු දුරස්ථභාවය පවත්වා නොගත් 1899 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් කීවේය