කොරෝනා මරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කෙරේ

Share Button

කොරෝනා ආසාදනයවීමෙන් මිය යන පුද්ගලයින් සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සමනය කිරීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ජනතාව අතර අනෝ‍යන්‍ය විශ්වාසය හා බැදීම තහවුරු කිරීමට එය වැදගත් වෙයි. මෙවැනි ප්‍රශ්න දඩමිමා කර ගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීමට විවිධ බලවේග උත්සාහ දරමින් සිටින බව එම පක්ෂය පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්ෂය ද මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් දැනුවත් කරමින් විශේෂ සංදේශයක් සකස්කර තිබේ. ඒ අනුව කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් සියලු ජනකොටස් සමග සාකච්ඡා කර පොදු එකගතාවකට පැමිණිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය ප්‍රකාශ කරයි. ඒ සදහා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇතැයි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පැවසුවේ කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් පවතින ගැටඵව දේශපාලනීකරණය කිරීම කනගාටුවට කරුණක් බවයි. එය රජයට හෝ දේශපාලනඥයන්ට තීරණය කළ නොහැකි දෙයකි. සෞඛ්‍ය විශේෂඥයින් ඒ සම්බන්ධයෙන් තීරණය ලබාදිය යුතු බව ඒ මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *