ලොවපුරා බෞද්ධයන් අන්තර්ජාලය හරහා එකමුතු කෙරේ

Share Button

බෞද්ධ දර්ශනය ලොව පුරා ගෙනයාමට අමෙරිකාවේ සහ ලොවපුරා සිටින ධර්මදුත සේවයේ නියුතු මහා සංඝරත්නය සිදුකරන්නාවු මහගු සත්කාරය සුවිශේෂී අගය කිරීමකට ලක්කරන බව අමෙරිකාවේ ශ්‍රි ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පවසයි.

අන්තර්ජාලය හරහා අමෙරිකාවේ සහ ලොවපුරා බෞද්ධයන් එකමුතු කරමින් පැවැත්වු රතන සුත්‍රය 108 වරක් දේශනා කිරිමේ මහා පුණ්‍යෝත්සවයට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

ලොස්ඇන්ජලීස්හී ධර්මවිජය බෞද්ධ විහාරයේ විහාරාධිපති පුජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද ස්වාමින්වහන්සේගේ මුළිකත්වයෙන් එය පැවැත්වුනි. ඒ සඳහා තායි, නේපාල, වියට්නාම සහ බංග්ලාදේශ බෞද්ධ විහාරස්ථානයන්හි ස්වාමින්වහන්සේ ද එක්වුහ.

කෝවිඩ් සමග ඇතිවු ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ලෝකයේ සැම ස්ථානයකම ජනතාව පෙර නොවු විරූ අවිනිශ්චිත තාවයකටත්, මානසීක අවපාතයකටත් මුහුණදී සිටින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.

බුදුරජානන්වහන්සේ පෙන්වා දුන් රතන සුත්‍ර සජ්ජායනා කිරීමෙන් සියලු ලෝක වාසීන්ට එහි ආශිර්වාදය නොඅඩුව ලැබෙනු ඇතැයි ඔහු කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *