කොරෝනා ආසාදිතයන්ගේ් අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සොයා බලන විද්වත් කමිටුවට පරිසර අමාත්‍යංශයෙන් භූ විද්‍යාඥයන් දෙදෙනෙක්.

Share Button

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇති වන සංකුලතා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවට පරිසර අමාත්‍යංශය භූ විද්‍යාඥයන් දෙදෙනෙකු පත් කරයි. කොරෝනා මරණ භූමිදානය කළහොත් භූගත ජලයට සිදුවීය හැකි හානි පිළිබඳව පැහැදිලි කිරීම එම දෙදෙනාගේ වගකීමයි. සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කලේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් සිදුවන මරණවල අවසන් කටයුතු සිදුකරන ආකාරය තීරණය කළයුත්තේ දේශපාලනඥයන් නොව සෞඛ්‍ය අමාත්‍යංශය පත්කළ විද්වත් කමිටුව බවයි. කොරෝනා මරණවල අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවැති පක්‍ෂ නායක සාකච්ඡාවේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ඇමතිවරයා පැවසීය. කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමිදාන කළහොත් කොරෝනා වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක් ඇති බවත් ඒවා ජල මුලාශ්‍රවලට එක්වී නැවත මිනිසුන්ට මෙම වෛරසය ආසාදනය වී ඇති බවත් එහිදී පෙන්වා දී තිබේ. පරිසර අමාත්‍යංශයේ භූ විද්‍යාඥයන් දෙදෙනෙකු කමිටුවට පත් කිරීමට තීරණය කෙරුණේ ඒ අනුව බව ඇමතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *