කොරෝනා සුවය ලැබු සංඛ්‍යාව තිස්හතරදහස ඉක්මවයි

Share Button

කොරෝනා ආසාදිතයෝ 354 දෙනෙක් ඊයේ හදුනා ගැනෙති. ඔවුන් සියලුදෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ වෙති. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38 697  ඉහළ ගොස් ඇත.

මේ අතර තවත් ආසාදිතයෝ 698 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියහ. ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 34 623 කි. ආසාදිතයෝ 7599 ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ වනවිට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 42 417කි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 195 ක් වෙයි.

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුට සහ ප්‍රතිකාර ලබමින් සිටි රෝගින් 9 දෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය විම හේතුවෙන් එම රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමා තිබේ. වෛරසය ආසාදනය වි ඇති කාර්ය මණ්ඩලය අතර හෙදියන් දෙදෙනෙක් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ද වෙති. එම වාට්ටුවේ සිටි අනෙක් පිරිස නිරෝධායනයට යොමු කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *