මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළට

Share Button

දිවුලපිටිය පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුරු තිස්අටදහස් 979 දක්වා ඉහළ යයි. ඊයේ ආසාදිතයන් 636 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 199 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ මරණ 4 ක් තහවුරු කලේය. මඩකලපුව ප්‍රදේශයේ පදිංචි හැත්තැ දෙහැවිරිදි පුද්ගලයෙකු මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මිය ගියේය. කෝවිඩ් නිව්මෝනියාව හා මෙනින්ජයිටීස් රෝගී තත්ත්වය මරණයට හේතුව ලෙස දැක්වෙයි. කොළඹ 10 ප්‍රදේශය් පදිංචි හැත්තැ හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනිමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මුළික රෝහලට මාරුකර යවා ඇති අතර පසුගිය අගහරුවාදා එහිදී මිය ගියාය. උ්‍රග්‍ර අක්මා ආසාදනයක් හා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිව ලේ විෂ වීමේ කම්පනයක් මරණයට හේතු විය. කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි පනස් හැවරිදි පුද්ගලයෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනිමෙන් පසුව කොළඹ ජාතික රේහලේ සිට හෝමාගම මුළික රෝහලට මාරුකර යවා ඇති අතර පසුගිය අගහරුවාදා එහිදි මිය ගියේය. කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඇති වු වකුගඩු ආසාදනය හා අධි රුධිර පීඩනය සමග් ඇතිවු හෘද රෝගී තත්ත්වයක් මරණයට හේතුව ලෙස දැක්විණි. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය අගහරුවාදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් තිබේ. කොරෝනා නිව්මෝනියා තත්ත්වය හා උග්‍ර දියවැඩියා තත්ත්වය මරණයට හේතුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *