ගෙවි යන වසරේදී අභියෝග රැසක් මධ්‍යයේ වුවද රටේ සෑම ක්‍ෂේත්‍රයකම සැලකිය යුතු වර්ධනයක්

Share Button

ගෙවීයන 2020 වසරේදී කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඇතුඵ අභියෝග රැසකට මුහුණ දෙමින් රටේ සෑම ක්‍ෂේත්‍රයකම සැලකියයුතු සංවර්ධනයක් ඇති කිරීමට රජය සමත් විය. කොරෝනා රැල්ල සාර්ථකව මැඩපවත්වන අතරම පිඩාවට පත් ක්‍ෂේත්‍රවලට සහන සලසමින් සමස්ත ලෝකයටම ආදර්ශයක් සැපයීමට ශ්‍රී ලංකාවට හැකි විය. රටේ ක්‍රියාත්මකවු ඖෂධ මාපියාවට තිත තැබීම විශේෂයෙන් සඳහන් කළ හැකිය. දේශිය වශයෙන් නිෂ්පාදනය කළ හැකි එහෙත් ආනයනය කෙරුණු ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් වැදගත් තීරණයකි. ඖෂධ ආනයනය සඳහා වාර්ෂිකව වැය කෙරුණු රුපියල් කෝටි ගණනක විදේශ විනිමය එමගින් ඉතිරි කර ගැනීමට හැකිවිය. පාඩු ලබමින් තිබු කර්මාන්ත රැසක් යථාතත්ත්වයට පත්කර දේශිය ආර්ථිකය නංවාලීමට දායකත්වය සපයා තිබේ. පසුගිය යහපාලන රජය සමයේ පාඩු ලැබු මිල්කෝ ආයතනය මේ වසරේ ලබා ඇති ලාභය රුපියල් කෝටි 40 ඉක්මවයි. වසා දමා තිබු කඩදාසි කර්මාන්ත ශාලා නැවත ආරම්භ කෙරිණි. ඒවායේ නිෂ්පාදන රජයේ කටයුතු සදහා යොදා ගැනේ. දේශිය රෙදිපිළි නිෂ්පාදන මැටි නිෂ්පාදන අත්කම් නිෂ්පාදන වැනි ක්‍ෂේත්‍ර කෙරෙහි ද රජය අවධානය යොමුකර තිබේ. ඒ සදහාම අමාත්‍යංශය වෙන් කිරීම විශේෂත්වයකි. කොරෝනා වෛරසයේ ව්‍යාපත්තියෙන් අඩපණවු ව්‍යාපාර ගොඩනැගීම සදහා සියයට 04 කට තරම් අඩු පොලියකට ණය සැපයීම ද තවත් වැදගත් ක්‍රියාමාර්ගයකි. පැල දස ලක්ෂයක් සිටුවීම ග්‍රාම සේවා වසම් 14 දහසක අඩු ආදායම්ලාභින් සදහා නිවස ඉදිකිරීම මෙරට ප්‍රථම සුළං බලාගාර උද්‍යානය ස්ථාපිත කරමින් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සිදුවු සුවිශේෂී කාර්යයන් අතර වෙයි. ජනපති ගම සමග පිළිසඳර සමග වැඩසටහන වැඩසටහන මගින් ග්‍රාමීය ජනතාවගේ නොවිසදුනු ගැටඵවලට විසදුම් සැපයීම සහ එම පළාත් සංවර්ධනය කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ගෙවී යන වසරේදී රජය රට ගොඩනැගීම සදහා විශාල කාර්යය භාරයක් ඉටුකර ඇති බව පැහැදිලිය. ඉදිරි වසර කිහිපයේදී එහි ප්‍රතිඵල ජනතාවට ලැබෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *