මහර බන්ධනාගාර ගැටුම පිළිබඳ පංචපුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ ඇමති මණ්ඩලයට
මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත්කළ පංචපුද්ගල කමිටු අවසන් වාර්තාව ඇමති මණ්ඩලයට ලබන සතියේ ඉදිරිපත් කෙරේ. එම කමිටු වාර්තාවේ අන්තර්ගත සියලු කරුණු අධ්‍යයනය කළ බව අලි සබ්රි අමාත්‍යවරයා පවසයි.
මේ අතර මාවනැල්ල හිගුල ප්‍රදේශයේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා දැනටමත් අනාවරණය කරගෙන ඇත. සී සී ටී දර්හනවලට අනුව පරීක්ෂණ සිදු කෙරෙන බව සරත් වීරසේකර ඇමතිවරයා පවසයි.