කොරෝනා ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය රැදවියන් පස්දෙනෙකු සොයා මෙහෙයුම්
කොරෝනා ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිට පලාගිය රැඳවියන් පස්දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම රැඳවියන් පස්දෙනා පොළොන්නරුව ගල්ලෑල්ල විද්‍යා පීඨයේ ස්ථාපිත කර ඇති කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අය වෙති. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වු මෙම පස්දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් අද අලුයම පලා ගොස් ඇත. මෙසේ පලා ගොස් ඇත්තේ 31 හැවිරිදි බුද්ධික විමලරත්න 27 හැවිරිදි කවිඳු මධුෂාන් 26 හැවිරිදි හරිත කැලුම් 52 හැවිරිදි නිමල් වසන්ත සහ 36 හැවිරිදි සුමිත් පුෂ්පකුමාර යන රැඳවියන්ය.