බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව හාරදහස ඉක්මවයි
බන්ධනාගාර කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට හාරදහස ඉක්මවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාරදහස් දාසයක් වන අතර ඒ අතරින් එකසිය විසිදෙදෙනෙකු බන්ධනාගාර නිලධාරින් වන බව ඒ මහතා සදහන් කරයි. කොවිඩ් ආසාදිත පිරිමි රැදවියන් ගණන 456 ක් වන අතර කාන්තා රැදවියන් ගණන 9 කි.