අලුත්වැඩියා කල ලංගම බස්රථ 273 ක් නැවත මගී ප්‍රවාහන පද්ධතියට
අබලන්විම හේතුවෙන් ධාවනයෙන් ඉවත් කර තිබු ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 273 ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක්කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර පිටියේදි අද සිදුවිය. දිවයින පුරා ග්‍රාමිය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සදහා මෙම බස්රථ යොදා ගැනේ.
දිවයින පුරා ඇති ඩිපෝ 170 ක මුලුමනින්ම ධාවනයෙන් ඉවත් කර තිබු බස්රථ 273 ක් අලුත්වැඩියා කර ඇති අතර රුපියල් මිලියන 115 ක් ඊට වැය කර ඇත. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සංකල්පයක් අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් ආරම්භ වු මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.